Monday 30 December 2013

Google අපි Sex සොයන්නෙමු දකින්නෙමු ඒ අපගේ දැනුම උදෙසාය...








 













"ශ්‍රී ලංකාව sex වලින් එකලු...."

Facebook එකේ තිබුණු Status එකක් දැක්කම මට පුදුම හිතුණා
ඇත්තටම අපි වාර්තා තියන්න හරිම දක්ෂයි.. ඇයි ගිය අවුරුද්දෙත් ලංකාව එක 
ආඩම්බරයි නේද?
Google සමාගමේ මෙම වාර්තාවත් එක්කම බොහෝ දෙනා කතා කරන මාතෘකාවක් ගැන අද ලියන්න හිතුණා.

SEX බලලා ශ්‍රීලංකාව පලමුවෙනිස්තානෙට
 ඇයි අපි Sex අන්තර්ජාලයේ සෙව්වේ?

විස්තර දැනගැනීමට, ආශාවට, තෘප්තිමත් වීමට, සොයන්න දෙයක් නැති නිසා, ............. 
විවිධ උත්තර...
  
අපේ රටේ ඉන්න කෝටි දෙකක ජනගහණයෙන් මම හිතන විදියට අන්තර්ජාලය පාවිච්චි කරන අය **ලක්ෂ 50  ඇති වැඩිම උණොත්.
එකෙනුත් Sex ගැන හොයන්න බලන්න උවමනාවක් නැති අය ඇති අඩුගානේ ** ලක්ෂ 10 ක් වත්.
එතකොට **ලක්ෂ 40ක් වගේ පිරිසක් තමා මේ ගොඩට ඇතුලත් වෙන්නේ 
ඇත්තටම ලංකාවේ ඉන්න ලක්ෂ හතළිහක් වගේ පිරිසක් තමා මේ සමාජ මෙහෙවර කරලා තියෙන්නේ.

(**ගණන් හිලවු හරියම නිවැරදි දත්ත නොවේ )
ඇත්තටම මෙහෙම ගණන් හිලව් එක්ක කිව්වට  ඇමරිකාවේ, බ්‍රිතාන්‍යයේ, ප්‍රංශය, කැනඩාව,ජර්මනිය, වගේ අධික ජනගහණයක් ඉන්න රටවල් වල  අය සෙක්ස් ගැන හොයන්නේ නැතිද?
ඒ අයත් හොයනවා.. ඇත්තෙන්ම කොහොමද ලංකාව පළවෙනි ස්ථානෙට ආවේ.
මෙහෙමයි....

1. ලංකාවේ SEX කියලා GOOGLE වල සර්ච් කෙරුවට අනිත් දියුණු යුරෝපා රටවල් වල අයට පුළුවන් සර්ච් කරන්න මෙහෙම  Porn, xxx , ආදී ඒ අයට හුරු විදියට..

2.  ඒ වගේම ලංකාව, ඉංග්‍රීසි භාෂාව දෙවන භාෂාව විදියට තමා යොදා ගන්නේ. අපි සර්ච් කරන්නේ SEX කියලා විතරයි.. ඒ අපේ රටේ බහුතරයක් දන්නා වචනය. ඇත්තෙන්ම ලිංගිකත්වය ගැන හදුන්වන වචන බොහොමයක් ඉංග්‍රීසි භාෂාවේ තියනවා. අපි SEX කියලා සර්ච් කෙරුවට ඉංග්‍රීසි භාෂාව ප්‍රධාන භාෂාව විදියට පාවිච්චි කරන රටවල අයට පුළුවන් තමන් කැමති විදියට මේ සෙවීම් කරන්න.

 3. ඒ වගේම තවත් දෙයක්.. අපේ රටේ අයගේ ඉංග්‍රීසි භාෂාවේ අවබෝධය මදි කම තවත් හේතුවක්.
මම එහෙම කියන්න හේතුව SEX පිළිබද GOOGLE සෙවුමක් කිරීමේදී තමන්ගේ රුචිකත්වයට අදාල ලෙස සෙවීමට එම ඉංග්‍රීසි යෙදුම් සම්බන්දව අපගේ තිබෙනා නොදැනුවත් කම.
හොදින් ඉංග්‍රීසි දන්නා පුද්ගලකුට පුළුවන් තමන් කැමති ලිංගික තොරතුරු තමන්ගේ රුචිකත්වය අනුව සෙවීමට.. මම දන්නා විදියට එසේ කාණ්ඩ තිහක් හතළිහක් හොයාගන්න පුළුවන්.

 4. ඒ වගේම Google පහසුකම් ලබාදී තිබෙනවා බොහෝ භාෂා ප්‍රමාණයකට. ඒ අනුව ලිංගික තොරතුරු සොයන්නෙකුට පුළුවන් තමන් කැමති භාෂාවකින් සෙවීමට. ප්‍රධාන වශයෙන් ප්‍රංශ ජාතිකයකු ලිංගිකත්වය පිළිබද සෙවිමකදී ඔහුට පුළුවන් SEX යන වචනය භාවිත නොකර ඒ සදහා ඔහුගේ භාෂාව එනම් ප්‍රංශ භාෂාවේ ඊට අදාල වචනය ඔස්සේ සෙවීමක් කිරීමට.

දැන් කියන්න පුළුවන්නේ අපිටත් අපේ භාෂාවෙන් හොයන්න පුළුවන් කියලා ඔව් පුළුවන්
ඕනෙම නම් අපේ අයට පුළුවන් මෙහෙම Google වල හොයන්න 




           මේ වගේ 

 ඒවගේම තමා Google කියන ආකාරයට මේ සදහන් වෙන්නේ sex කියා සෙවූ අය අතරින් ශ්‍රීලංකාව අංක එකට පැමිණ ඇති බව
අපි හෙව්වේ Sex කියා පමණයි. ඉංග්‍රීසි හෝ වෙනත් යම් භාෂාවලින් ලිංගිකත්වය පිලිබදව සොයන පුද්ගලයන් ලොව කොතරම් සිටීද
ඔවුන් එම සෙවීමට sex යන පොදු යෙදුම භාවිත කළා යන්න විශ්වාස කල නොහැකියි.
ඒ වගේම Bookmark යෙදීම , වෙබ් ලින්ක් සුරැකිව තබා ගැනීම, කෙලින්ම අදාල වෙබ් අඩවියට පිවිසීම සිදු කල පුද්ගයන් කෙතරම් ඇතිද.

Google වාර්තාවේ ඇත්තේ ඔවුන්ගේ සෙවුම් යන්ත්‍රය යොදා ගනිමින් එම සෙවීම කල අය පිලිබඳවය, එසේ නම් ලොව ඇති අනෙකුත් සෙවුම් යන්ත්‍ර වලින් sex සර්ච් කල අය කෙතරම් ඇතිද.

Google සමාගම පවසන්නේ ලොව වැඩිපුරම sex යන වචනය සොයා ඇත්තේ ලංකාවෙන් බවය. එය කෙසේ වුවත් වෙනත් වචන වලින් වෙනත් භාෂා වලින් මෙම සෙවීම කල අයත්, වෙනත් සෙවුම් යන්ත්‍ර යොදා ගත්තවුන් එකතුව ගත් විට ලංකාවට ඉදිරියෙන් රටවල් බොහොමයක් සිටින්නට හැකිය.
අපේ අවාසනාවය.

අපි සෙව්වේ Sex කියා පමණි. 
නැත
අප මුළු ලෝකෙන්ම අංක එකට පත් වුවේ Sex යන වචනය සෙවීමෙන් පමණක්ම නොවේ යයි කිව හැක. අපි කප් ගැසුවේ sex වලින් පමණද? මෙම රචකයා මගේ අදහස් වලට යමතාක් දුරට සමාන වෙමින් අදහස් දක්වා ඇත. ඔහුගේ  ලිපියට අනුව අපි අංක එකට පැමිණි බොහෝ දේවල් පිලිබදව සොයා බැලිය හැක  ඔහු පවසන පරිදි spoken English , web hosting , web designing, Internet money 
ආදී වූ දේවල් වලින් අපි පලමුවෙනියට සිටින්නෙමු.

මුළු ලෝකයේම රටවල් අතරින් ගත් කල ලංකාව Sex යන වචනය සොයා පළමු තැනට පැමිණියාට, වෙනත් පරිභාශිත වචන වලින්, වෙනත් සෙවුම් යන්ත්‍ර මගින් සෙවීම හා
ලිංගිකත්වය, එම දර්ශන, තොරතුරු සෙවූ බැලූ එම වෙබ් අඩවි වලට කෙලින්ම පිවිසුණු අය සමග ගත් විට අපි පසු පසට යන්නෙමු.. සත්‍යය එය වේ...

  • තවත් දෙයක් කිව යුතුමය 

 අපගේ සමාජයේ සංස්කෘතියත් සමග යම් තරමක් ලිංගිකත්වය පිළිබද අදහස් දැක්වීම තරමක් දුරට අහුරා තිබේ ඒ අනුව පාසල්  අධ්‍යාපනයට ලිංගිකත්වය, එහි ජීව විද්යානුකුල පසුබිම පැහැදිලි කිරීමට අදාල පාඩම් මලා ඇතුලත් කිරීම සිමා වී ඇත්තේ එම සංස්කෘතික සාරධර්ම අගයන්නන්ගේ බල පෑම් හේතුවෙනි.
රටක දියුණුවට අධ්‍යාත්මික සංවර්ධනයත් සංස්කෘතියත් අවශ්‍යවේ.. නමුත් එය යම් ප්‍රමාණයකටය.

එසේ වූ විට අපගේ කිරුළු ලැබීමට හේතුව ලෙස ලෝකයට කියන්නට වන්නේ මාගේ මාතෘකාවය....
එනම්  
 "Google  අපි සොයන්නෙමු  දකින්නෙමු ඒ අපගේ දැනුම උදෙසාය.."
මම සිතන ආකාරයට සෑම දෙනාටම පොදුවූ ශරීරයේ, එක්තරා පද්ධතියක අවයව පිලිබදව හා ඒ ආශ්‍රිතව කෙරෙන්නාවූ රාගය හා ශෘංගාරාත්මක හැගීම් යටතේ සිදු කෙරෙන්නාවූ තම වර්ගයා නැවත ජනනය කිරීමට කෙරෙන්නාවූ ක්‍රියාවලිය පිලිබදව දරුවන් දැනුවත් කිරීමට මෙම සංස්කෘතික  ප්‍රේමීහු විරුද්ධ වන්නෝ නම් ඔවුන් තම රටේ අනාගත පරම්පරාව අදුරේ හෙලිමකට උදව් කරන්නෝ හා මග සලසන්නෝ වෙති.
ඒ කෙසේද යත්.
හරි හැටි ලිංගික අධ්‍යාපනයක් නොලබන දරුවා ඒ සදහා වැඩිවියට එළබෙත්ම අන්තර්ජාලයේ පිහිට පතන්නට පෙළබේ 
 මනාවූ ලිංගික අධ්‍යයාපනයක් නැති තැන වැරදි දැනුවත් කිරීම් හමුවේ හා අසභ්‍ය දර්ශන හමුවේ විකෘත වූ මනසින් යුතුව වැඩිවියට පත් දරුවන් ස්ත්‍රී දුෂණ ආදී සමාජ විරෝධී ක්රියා වලට යොමුවී තම ජීවිතය අදුරේ හෙළ ගනිති. 
එසේම අඩුවයස් ගැබ් ගැනීම්, ගබ්සා, සමාජ රෝග ආදිය අනාගත සමාජයේ සෑම තැනම දකින්නට ලැබෙන්නට පුළුවන .
එවිට ලංකාවට තවත්  කිරුළු බොහොමයක් ලැබෙන්නට හා ලබාගන්නට අවස්ථාව ලැබේ.
අප ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කලේ ඇත්ත ඇති සැටියෙන් දකින්න කියාය.
එසේ නම් ඇත්ත ඇති සැටියෙන් දැකීමට කාලයයි මේ.....
මේ 18 වන සියවස නොව විසිඑක්වන සියවස බවද මෙම සංස්කෘතික වැටවල් බදින්නාවූ පිරිසට කිව යුතුමය 

Google සමාගමේ මෙම හෙළිදරව්වත් සමග අපගේ සමාජයේ පවත්නා දුර්මතයන් ඉවතලා පාසල් දරුවාට මනා වූ ලිංගිකත්වය, එහි ජීව විද්‍යයානුකුල පසුබිම ආදී දේ අවබෝධ කරවීමට කටයුතු වහාම යෙදිය යුතු බව අධ්‍යයාපන බලදාරීන්ට වැටහේවා යැයි ප්‍රර්ථනා කරන්නෙමි.
එසේ නොවුවහොත් ශ්‍රිලංකාවේ මෙම කිරුල සදහටම ශ්‍රීලංකාවම සතුව  පවත්වාගෙන යා හැක.
 නැතිනම් අපි තවත් සොයමු,බලමු,තෘප්තිමත් වෙමු, දැනුවත් වෙමු, කිරුරැක ගනිමු.
 
ඉතින් අපි බලා හිදිමු......

(සංවාදයට විවෘතය)

2 comments:

Anonymous said...

///එසේ නම් ඇත්ත ඇති සැටියෙන් දැකීමට කාලයයි මේ...../////

බොහෝ අය ඇත්ත ඇති සැටියෙන් දකින්න කැමැති නැහැ. ඒක උගන්නන්න බැහැ. ඉගෙනගන්න ඕන. දිගටම ලියන්න. ඔබට සුබ පැතුම්!!!

Dulanjana Gamage said...

බොහොම හොඳ ලිපියක් සහෝදරයා!
දුලාගේ අඩවිය ලියන දුලා