Friday 27 December 2013

පළවෙනි ගුටි කෑම

ඔන්න ඉතින් බ්ලොගේ දාන තුන්වෙනි පෝස්ටුව...
මේ කියන්න යන්නේ ඉස්කෝලෙට ගිහින් සතියක් යන්නත් කලින් කරපු වැඩක් ගැන .
මම කිව්වනේ කලින් පෝස්ටුවේදී කිව්වනේ    එක බැලුවේ නැති අය ගිහින් බලන්නකෝ. මම පාසැල් ගියේ මුලින්ම අපේ ගමේ තිබුණු පුංචි පාසලකට කියලා. එකේ සිද්ද වෙච්චි හොද සිදුවීම් ටිකක් තියනවා.
ඒවා වෙන වේලාවකදී කියන්නම්..
පහ වසරේ ශිෂ්‍යත්ව විභාගේ පාස් වෙලා එහෙම මම ගියේ අපේ පළාතේ තිබුණු ජනප්‍රිය පාසලකට..
ඒකාලේ මගේ විභාග ප්‍රතිපලේ හැටියට යන්න පුළුවන්කම තිබුණා කොළඹ තිබුණු ඕනෑම ජනප්‍රිය පාසලකට උනත්..  ඒත් ගමන් පහසුව ගැන එහෙම හිතලයි අර පාසලට ඇතුලත් වුනේ .

මේ සිද්දිය වුනේ අලුත් පාසලට ගිහින් දවස් හතරක් හෝ පහක් ගිය තැන.. අලුත් පාසලේ උන්නු අයගෙන් මුලින්ම මගේ යාලුවෝ වුනු අය තමා මිහිරාන්, ගයාන් , ඉසුරු , සජිත් ඔන්න ඔය අය තමා. ඒ අය ගැනත් හොද කතා ටිකක් තියනවා..
ඒවා වෙන වෙලාවක කියන්නම්.. දැන් ඔන්න ඔය මුල් දවස් වල ඉතින් වැඩිය ඉගැන්වීමක් කෙරෙන්නේ නෑනේ....
දැන් ඔන්න ඔක්කොම අය එකතුවෙලා කවි සින්දු කතන්දර එහෙම කියනවා....
අපේ පන්තිබාර සර් තමා ඔය වැඩසටහන මෙහෙයවන්නේ.. ඔන්න දවසක් සර් නිවාඩු...
එදා කොල්ලන්ට රජ මගුල්...
කට්ටිය නටන්න පුළුවන් හැම පිස්සුවම නටනවා... ටික වෙලාවකින් ඔතන හිටපු එකෙක්  පටන් ගත්තනේ මරු වැඩක්.. ආ එයාගේ කාඩ් එක තමා ලොරියා ඔය නම හැදෙන්න වුනු හේතුවත්  ලස්සන කතාවක්..
ඔන්න මේ සිද්දිය වෙනකොට මෙයාට ලොරියා කියලා නම හැදිලා තිබුණේ නෑ..
මොකක්ද දන්නවද අපේ ලොරියා පටන් ගත්ත වැඩේ.. මූ පටන් ගත්තු ගමන් කිව්වා
 "ඔන්න මම හොද කතාවක් කියනවා අහගනිල්ලා" කියලා
ආ එහෙනම් කියපන්කෝ කියලා අනිත් උන් ටිකත් කිව්වා
ඔන්න මිනිහා කතාව රසකරලා කිව්වා.
මොකක්ද දන්නවද මූ කියපු කතාව.. අර ඇම්ඩගේ කතා කියලා කියන්නේ. අන්න එකක්...
මොකද මුන් හය වසරේ ඉදන්ම කලේ නසරාණි වැඩමනේ..
කොහොම හරි දිගින් දිගටම ඔය කතා කියවිල්ල ඇදිලා ගියා....
ඇයි එක එකා කියනවනේ කතා... 
හැමෝම වගේ මොකක් හරි එකක් කියනවා...
ඉතින් ඔහොම දවසෙම ඇම්ඩගෙන් පටන් ගත්තු පිම්ම රටේ තියන හැම කුණුහරුපයක් ගැනම කියලයි වැඩේ නැවතුණේ. 
ඔන්න ඉතින් මම නම් මොකුත්ම කිව්වේ නෑලු හරිද?
ඔන්න අපේ කොල්ලෝ... පොඩිකාලේම වැඩ පටන් අරන්...

එදා ඉස්කෝලේ ඉවර වෙලා ගෙවල් වලට ගියා දවස් දෙකක්ම නිවාඩු තිබුණු හන්දා මාර සතුටකින් තමා ගෙදර ගියේ..
ඊළඟ සතියේ සඳුදා ඉස්කෝලේ ඇවිත් ඉතින් පලවෙනි පීරියඩ් එක එහෙම පටන් ගත්තා...
මුලින්ම උගන්නපු දවස... මට තාමත් මතකයි උදේම තිබුණේ සිංහල විෂය...
එදා කොහොම හරි සර් පන්තියට ඇවිත් ටික වෙලාවකින්  
"ලොරියා මෙහාට එනවා කියලා කිව්වා"
අපේ ලොරියාත් පන්තිය ඉස්සරහට ගියා..
"මොනවද එදා තමුසේ කියපු කතන්දර කියනවා බලන්න"
දැන් අපේ සර් මුගෙන් ප්‍රශ්න කරනවා..
"සර් මම කිව්වේ හවායි ඉබ්බයි රේස් දුවපු කතන්දරෙනේ" දැන් මූ කියනවා..
"ඒ එදානේ මම අහන්නේ මේ සිකුරාදා කියපු කතන්දර ගැන"  සර් කියනවා..

 "එදා කතන්දර කිව්වේ නෑ සර්...." ලොරියා එහෙම කියනවා..

"මොකක් කිව්වේ නෑ" සර් අහන්නේ
"ඔව් සර් කිව්වේ නෑ" 
දඩාන් ගාලා සද්දයක් ඇහුණා මෙන්න ලොරියා ඉන්නවා කන අල්ලාගෙන... 
"අනේ සර් කිව්වේ නෑ සර්"
දැන් මුළු පන්තියේම උන් ටික කට ඇරගෙන බලන් ඉන්නවා මේ මොකද කියලා බය වෙලා..
"එතකොට තමුසේ දන්නෙම නෑ"
"නෑ සර්" ලොරියා එහෙම කිව්වේ අඬන ගමන්.. 
"නැගිටපියව් ඔක්කොම" සර් කිව්වා 
දඩ බඩ ගාලා ඔක්කොම ටික නැගිටලා බලාගෙන ඉන්නවා
ඔන්න සර් කොලයක් අරගෙන තුන් හතර දෙනෙක්ගේ නම් කියෙව්වා 
"එනවලා මේ නම් කියපු අය ඉස්සරහට.."
ඔය අතරේ මගේ නමත් තිබුණේ නෑලු....

සර් ගයාන්ගෙන් අහනවා "ගයාන් ඇම්ඩගැන දන්නවලු නේද? " කියලා
එතකොට තමා මට මීටර් උනේ මේකට තමා මේ සර් අහන්නේ කියලා..
ගයානයට බයටම "ඔව් සර්"කියවුණා 
එත් එක්කම පටාස් ගාලා වේවැල් පාරක් පස්ස පැත්ත රත් වෙන්නම ලැබුණා
 ඉතින් ඔහොම ඉස්සරහට ගිය අයගෙන් ඔක්කොම වගේ ගුටි කෑවා..
ඉස්සරහට ගිය උන් විතරද?...
 නෑ සර් කිව්වා 
මම මුන්ට ගැහුවේ පාරවල් තුනයි එකෙක්ට 
හැබැයි මේ ඉන්න අනිත් උනුත් කුණුහරුප කියලා තිබුණා කියලා මම දන්නවා.. ඒ නිසා කියපු එවුන් ඔක්කොම වරෙව් ඉස්සරහට නැතුව මම ලගට ආවොත් එහෙම බලාගන්න පුළුවන් කියලා  
එත් එක්කම ඔක්කොම කොල්ලෝ ටික දඩ බඩ ගාලා ඉස්සරහට ගිහින් පෝලිමට ඉන්නවා. දන්සලේ වගේ...
ගුටි දන්සලේ
එදා කොහොම හරි පන්තියේ ගැහැණු ළමයි ඇරෙන්න ඔක්කොම කොල්ලෝ ටික හොද පදමට ගුටි කෑවා..
ඒ විතරක් නෙවි පීරියඩ් තුනක් විතර දන ගහගෙන ඉන්නත් වුනා.
 ඉස්කෝලේ ඇතුලේ කුණුහරුප කිව්වා කියලා.
මටත් වැදුණා පස්ස රත්වෙන්නම පාරවල් තුන හතරක්ම... 
ඇයි ඉතින් මමත් කිව්වනේ මරු කතා ටිකක්.. 
එදා දවසෙම අපි කල්පනා කලේ කව්ද මේක සර්ට කිව්වේ කියලා.. 
ඇයි ඉතින් අපේ කොල්ලෝ එකෙක්වත් සර්ට කේලම් කියන්න යන්නේ නෑ කියලා දන්නවා.
අපේ සැකය තිබුණේ කෙල්ලෝ ගැන. බලාගෙන යත්දී ඇත්තටම වෙලා තිබුනෙත් එකම තමා...
අවසානේ ඉස්කෝලේ අට වසරට එනකන්ම පන්තියේ කෙල්ලෝ ගණන් ගන්නේ නෑ...
හැම වෙලාවේම වගේ උන්ට බනින එක තමා එකම වැඩේ....
හැබැයි ඉතින් එදා මදි නොකියන්නම ගුටි කෑවා අලුත් ඉස්කෝලෙට ගිහින් සතියක් යත්දීම..
තවමත් මතක් වෙනවා ඒ සුන්දර අතීතය...


Comment එකකකුත් දීලම යන්නකෝ


3 comments:

රෙහානි said...

පාසල් කාලය නම් සුන්දර කාලයක් සුදු පුතේ...

අපේ පංතියට පහළ පංතියක හිටියා ඔය වගේ ඇම්ඩා කතා කියන කොල්ලෙක්...ගයාන් කියලා(මේ ගයාන්ලා ඔක්කොම එකයිද මංදා) කොහේ හරි කොල්ලො ටිකක් වට කරගෙන ඔය වාචාල කතා කියලා හිනා වෙනවා.පහළ පංතියක හිටියා උනත් ඒකා හිටියේ අපේ උන් එක්ක..


කෝ ෆලෝවර්ස් ගැජට් එක දාලා නෑනේ...

design - layout - add a gadjet - folowers

Unknown said...

අනිවාර්යෙන්ම..
ඇත්තටම ඒ වගේ තමා:D
දැන් හරි නේද?

Unknown said...
This comment has been removed by the author.