Thursday, 2 January 2014

පමාවී ආ වසන්තය - සදා පැතුවේ ඔබේ නිර්මල ආදරයයි






 පමාවී ආ වසන්තය


පුතේ දැන් ට්‍රිප් එක යන්න සුදානම් උනොත් නේද හොද. සුමාලි අක්කල එනවා කිව නේද 4.30 වෙත්දී.
තම මවගේ හඩින් අවදි වුනු ලහිරු තම ජංගම දුරකථන තිරය දෙස බැලුවේ වෙලාව දැන ගැනීමටය... “4.00 වෙලා. විනාසයි තව පැය බාගයයි තියෙන්නේ කෝකටත්”  කඩිමුඩියේ ඇදෙන්  බැස  ගත් ලහිරු මුහුණ සේදීමට දිව ගියේය
“පුතේ ඉක්මනට දැන් සුමාලි අක්කල එනවත් ඇති ” මවගේ හඩින් ඔහු තවත් ඉක්මන් විය
ලහිරු සංකල්ප  ජයවර්ධන යනු ප්‍රදේශයේ මධ්‍යම පන්තියට අයත් පවුලක වැඩිමල් දරුවාය. ඔහුට එක නැගණියක් සිටින්නීය. ඇය නමින් පබසරා ස්වර්ණමාලි ජයවර්ධනය. ලහිරු දැනට උසස් පෙළ නිමවා ඇති අතර පබසරා දැනට 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නීය. ලහිරුගේ මවගේ මිතුරියකගේ එකම දියණිය වන සුමාලි උසස් අධ්‍යාපනය හදාරන NIBM  ආයතනයේ ඇගේ මිතුරැ මිතුරියන් පිරිස සංවිදානය කල විනෝද චාරිකාවට සහබාගි වීමට ලහිරු හට ඇරයුම් ලැබුනේ ඊට සති දෙකකට පමණ එහා පැත්තේ සිටය.
“Bus එක එනවා වගේ අම්මේ , එහෙනම් අම්මේ මම ගිහින් එන්නම්” තම මවගේ දෙපා වැඩ ගමනට ආශීර්වාද ලබා ගනිමින් ලහිරු පැවසීය “තෙරුවන් සරණයි මගේ පුතේ පරිස්සමින් ගිහින් එන්න ” ඒ ඔහුගේ මවගේ ආශිර්වාදයයි.
“ආ මල්ලි Good Morning ! එන්න එන්න ” සුමාලි ඔහු පිළිගනිමින් පැවසුවාය
“Good Morning අක්කි ...” ලහිරු පැවසිය. Bus රථය තුල මද හඩින් විජය කුමාරතුංග ගයන ගීතයක් වාදනය වෙමින් තිබුණි...  සුමාලි හා ඇගේ මිතුරු පිරිවර වන අමාලි , සමාධි , චතු , ගිම්හානි , ශශිකා, හා තවත් තරුණියන් පිරිසක්ද , නුවන්, පසිදු , ධනංජය ,සහන් , හා තවත් තරුණ පිරිසක් සිටියහ..
“මල්ලි ඔන්න අදනම්  හොදට Dance කරන්නයි සින්දු කියන්නයි ඕනේ හරිද?”
“හරි හරි අය්යේ එකෙන්ම” “අන්න එහෙම තම මල්ලි කොල්ලෝ උනාම ඉන්න ඕන..”
“මේ සහන් දැන් ඔය මල්ලිට අපු ගමන් වදේ ගහන්නේ නැතුව ඉන්නවකෝ...”
“අනේ මේ සමාධි මගෙන් මොකුත් අහන්නේ නැතුව ඉන්නවා...”
සාමාන්‍ය වේගයකින් ගමන් ගත bus රිය එක වරම නැවතුයෙන් පිරිස විමසිලිමත් වුහ... “ආ ආ ..... මේ  රුෂානිලගේ ගේ ගාවනේ..” ධනංජය පැවසිය.
“ආ එන්න පැටියෝ ඔය එනකන් තමා  මම මේ බලන් උන්නේ....”
“අනේ නුවන් නවත්ත ගන්නකෝ ඕක  අපේ නංගිත් ඉන්නවා අපෝ....” රුෂානි නුවන්ගේ පෙම්වතියයි .....
“ආ නංගිත් ඉන්නවා... කෝ අනේ....” නුවන් කිවේ තම නෑනන්ඩිය දැක ගැනීමේ අදිටනෙනි..
එක වරම දුටු එම දර්ශනයෙන් ලහිරුට තම ඇස් අදහාගත නොහැකි විය .
මගේ දෙය්යනේ සුරංගනාවියක් ට්‍රිප් එක යන්න ඇවිත්ද කොහෙද?
ලහිරු ඇය දෙස බලා සිටියේ වශී වූවකු මෙනි.. පාසලේ හා උපකාරක පන්තිවලදී ඇති තරම්  ගැහැණු ළමුන් දැක ඇතිමුත්  ඇගේ වතේ වූ අමුතුම සිත් ඇදගන්නා සුළු බවකින් ලහිරුගේ නෙත් සිත් ඇය වෙත ඇදී යන්නට මොහොතක්වත් ගත නොවිය. ඔහුහට කාලය ගත වෙනවා නොදැනුණි... දහසක් මල් පිබිදුණු නිම්නයක සොඳුරු සිහිනයක ඔහුගේ සිත සැරි සරන්නට විය..
“ඇයි අය්යේ මගේ මුණේ පෙරහරක් යනවද?”  එක් වරම නැගුණු සුන්දර කොවුලා නදක් වැනි හඩකින් ලහිරු පියවි ලොවට එන්නට සමත් විය...
එක් වරම නැගුණු මියුරු සිනා හඬක් bus රිය පුරා පැතිරෙන්නට විය..
“අය්යෝ මල්ලි නා ගත්ත නේද ආපු ගමන්ම”
“සුමාලි, ලහිරු මල්ලි නම් මාර පැණියෙක් තමයි....”
“ඔන්න මල්ලි ඔහොම බලන් ඉන්නේ නැතුව ටිකක් හොරෙන් බලන්නතිබුණනේ....”
ඔහුට ඇත්තෙන්ම ඇති වුයේ ඉමහත් ලැජ්ජාවකි.. චිහ් ආපු ගමන් විලි ලැජ්ජාවයි.. අනික අර නංගි මම ගැන මොනවා හිතුවද දන්නේ නෑනේ...
අය්යෝ.. දැන් ඉදල ඉවරයි..... ඔහුගේ සිත ලජ්ජාවෙන් පිරි ඉතිරී යන්නට විය..
“හා හා දැන් ඇති ඒ ළමයට විහිලු කරා.. මොකද ඔයාල කෙල්ලෝ දිහා බලන්නේ නැතිද?” වෙලාවට සමාධි අක්ක මගේ පිහිටට ආවේ නැත්නම් මම විනාසයි...
“එකනේ අක්කේ මේ අය්යල කෙල්ලෝ දිහා බලන්නේ නෑ වගේ කතාව..”
“එකනේ මල්ලි බලන්න මේ  පසිදු මම NIBM ආපු දවසේ මං දිහා කන්න වගේ බලන් හිටියේ... මාර පැණියා ඔහොම උන්නට...”
“ඉතින් ළමයෝ මම ඔයාට ආදරේ හන්දනේ එහෙම බැලුවේ...” ඒ පසිදුය
සමාධි හා පසිදු එකිනෙකා හොදින් අවබෝධ කර ගත යුවලක් විය...
“ආ ආ.... එතකොට මේ ලහිරු අය්යත් මම දිහා බලන් හිටියේ මට ආදරේටද.. මේ කොල්ලෝ ඒවානම් බෑ මාත් එක්ක හොදද...”
“අනේ අය්යෝ මගේ විලිලජ්ජාව... දොරේ ගලාගෙන යනවා... ඇත්තමයි.. ” ලහිරුට එසේ සිතෙන්නට විය..
“ඔන්න මල්ලි මල්ෂා නංගි උබට කැමති නෑ වගේ.. අපරාදේ කොල්ලගේ හීනේ....” සුමාලි අක්කා අයෙත් කියවන්න ගත්තා...
මල්ෂා......... ඒ එයාගේ නම... “මල්ෂා ...” ලහිරු කිහිප වරක් ඇගේ නම මුමුණන්නට වුවේ එය මතක තබා ගැනීමට මෙනි...
“එක නෙවි මල්ෂා නංගි ඔයාට කොල්ලෙක් එහෙම ඉන්නවද.... ”
“ඇයි සහන් අය්යේ එහෙම ඇහුවේ.... මට එහෙම කවුරුවත් නෑ...”
“ආ ආ.... ඔන්න ලහිරු මල්ලි චාන්ස් එකක් තියනවා...” සහන් අය්යා එහෙම කියත්දී මුළු bus එකේම අය ලහිරු දිහා බැලුවේ හිනා වේවි...
“අනේ අය්යේ ඕක නවත්ත ගන්න දැන්.....” මල්ෂා කීවේ තව දුරටත් තමා හා ලහිරු අය්යා අපහසු තාවයට පත්වනු දැරිය නොහැකිවය....
“ඔව් ඔව් නවත්තපල්ලා ඕක...” කියමුද සින්දුවක් වත්  ඒ නුවන්ය ඔහු මනාව පිරිසක් පාලනය කරගන්නට හැකියාව දැක්වූවෙකි ..
“ඔව් ඔව් එහෙම නම් අපි කවුරු කවුරුත් එකතු වෙලා ආතල් එකේ යන මේ ගමන ආතල් ගමනක්ම වෙන්න කියලා හිතාගෙන සින්දුවක් කියන්න ගමු....” සහන් එසේ පවසා ගීතයට මුල පුරන්නට විය...
පෙනෙන නොපෙනෙන දුරක ඉදන්.....
නුබ ඇවිත් හිත ලගට හොරෙන් .....
සියල්ලන්ගේම ගායනයෙන් හා සහයෝගයෙන් කාටත් නොදනී බොහෝ දුරක් ගමන් කරමින් තිබුණි....
“එහෙනම් අපේ ලහිරු මල්ලිට අරාධනා කරනවා ගීතයක් ගයනා කිරීමට ..”
අය්යෝ සහන් අය්යා ගම කෑවා...
“අය්යෝ මම ඉවරයි මට සින්දු කියන්න බෑ.... දැන් මොනවා කරන්නද...”
ලහිරු සිතන්නට විය.
“එන්න මල්ලි කියමු සින්දුවක්....” “ඔව් ඔව් සමාධි අක්කි ලහිරු අය්යට අද සින්දුවක් කියන්නාම වෙනවා හි හි හි ...” ඔය ඉති මල්ෂා නංගිත් කියන එකේ කියන්නම වෙනවා කොල්ලෝ... අමාලි අක්කා එසේ කියමින් ලහිරුව ගීතයක් ගැයීම සදහා  යොමු කළාය.
“දැන් ඉතින් කියන්නම වෙනවා.. කොහෙද අර කෙල්ලත් කිවනේ... ”
ලහිරු ගේ සිතේ මල්ෂා ගැන සියුම් කෝපයක්ද ඇති විය....
“ඔන්න හිනා වෙන්න බෑ....  හරිද.....” “හරි හරි මල්ලි කියන්නකෝ... අපි සපෝර්ට් එක දෙන්නම්  එහෙනම් පටන් ගන්න”.
නුවන් අය්යා වෙලාවට එහෙම කිවේ..
One.. Two... Three....

හිත දුර හන්ඳා - නෙතු ලග හංඟා
සිහින ගණින හින්දා...
තනිකම හංඟා - ඈතක රන්දා
මතක හිත ඇහින්දා...
අරුත කියන සෙනෙහේ
නුඹම වේද මංදා...

ඈත අතීතෙක අමතක සෙනෙහේ
හිතවත් කරනා...
සිහින පොතේ කවි දහසක් අතරේ
නුඹමයි හිදිනා...
නොමැකෙන සේ හදවතේ ඉන්න නුඹ
අළුතින් පතනා

හිත දුර හන්දා....

අහස වගෙයි නුඹ සිතුවමක් දෝ
මතකෙට නැගෙනා..
හැඩවෙන ලඟ තනියට ඉන්නම්
නුඹමද කියනා...
ඉස්සර දවසක තහනම් හීනේ
ආයෙත් දකිනා...

හිත දුර හන්දා....






“නියමයි මල්ලි කොල්ල බොරුවටනේ සින්දු කියන්න බෑ කියලා තියෙන්නේ”
“ඔව් ඔව් සහන් මේකා හැදුවේ අපිට හොරෙන් ශේප් වෙලා ඉන්න.... ” නුවන් අය්යා කිව්වේ ඇත්තම  තමා...
මොකද මේ වෙත්දී ලහිරුගේ හිතේ ලොකු ප්‍රශ්නයක් හිරවෙමින් තිබුනේ...
ඒ හින්දා එය හැදුවේ ටිකක් නිදහසේ ඒ ගැන කල්පනා කරන්න.....
ටික වෙලාවක් යත්දී සුමාලිට තේරුණා ලහිරු ඉන්නේ මොකක් හරි ප්‍රශනයක් හිතේ තියාගෙන  කියලා.
“මල්ලි මොකක් හරි අවුලකින්ද ඉන්නේ......” එක පාරටම ලගිරුගේ උරහිසට අත තියපු සුමාලි එහෙම ඇහුවා..
“නෑ නෑ අක්කේ.. එහෙම දෙයක් නෑ.” ලහිරු එහෙම කිවේ බොරුවට ...
“වෙන්න බෑ මල්ලි.. කියන්න අපිට කියන්න බැරි දෙයක්ද?”
“නෑ අක්කේ එහෙම මොකුත් අවුලක් නෑ.. අනික මම ඔයාට නොකියන දෙයක් තියනවාද...”
“එක තමා මල්ලි මම මේ අහන්නේ... කියන්නකෝ... මගේ හොද මල්ලියනේ..” සුමාලි අක්කාගෙන් බේරෙන්නම බෑ වගේ...
එත් කොහොමද මම මේක සුමාලි අක්කට කියන්නේ...කටක් ඇරලා උන් මට හිනා වේවි... ලහිරු එසේ සිතන්නට වුනා.
“අනේ කියන්නකෝ මල්ලි සමහර විට මට ඔයාට හෙල්ප් එකක් දෙන්න පුළුවන් වේවි...”  සුමාලි අක්කගේ වදෙන් බේරෙන්න බැරි තැන ලහිරු ඒක කියන්න හිතුවා...
“ඔව් අක්කේ පොඩි ප්‍රශ්නයක්...” ලහිරු එහෙම කිව්වා
“කෙල්ලෙක් ගැන නේද? මල්ලි 
එකපාරටම සුමාලි අක්ක අහපු දේ ගැන ලහිරුට පුදුම හිතුණා .
මෙයා  කොහොමද දන්නේ මේ ගැන ..............
                                      +++++++++++++++

මගේ අලුත් වැඩක් Comment එකකින් අදහසක් එහෙම දාලා උදව්වක්කරන්න